සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මහ මුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟ ගණ සොබනා
මුඳුනත් දී නමඳිම් බැති පෙමිනා
අදහස:
ශ්‍රීයෙන් යුත් මහා බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් ලබන, මහ සැරියුත් මහ මුගලන් යන අග සවුවන් වහන්සේ දෙනමගේ පරම්පරාවෙන් පිළිවෙළින් පැමිනියා වූ, ප්‍රතිපත්තියෙන් සාර වූ මහා සංඝ සමූහයා, මම භක්තියෙන් යුතුව හිස මුඳුන්හි අත් තබා වඳිමි.
No comments:
Post a Comment