අඳුරෙහි අස් ලොම විදිනට දුර දී
විදුලිය පැහැ වැරැදුණ හොත් වරදී
විදුලිය වන් මේ කය ලත් තැන දී
සිදු නො කළොත් මතු සග මොක් වරදී
අදහස:
එල්ලන ලද අශ්ව ලෝමයකට අන්ධකාරයේ බොහෝ ඈතක සිට විදීමේදී විදුලිය එළිය වැරදුණ හොත් (ඒ විදමන) වරදින්නේය. එ මෙන් විදුලියක් බඳු අස්ථිර වූ මේ මනුෂ්‍ය භාවය ලැබූ අවස්ථාවේ ම (පින්) නො කළොත්් ඉදිරි කාලයේ දෙව් සැප හා නිවන් සැප වරදින්නේ ම ය.
Tuesday, March 22, 2016
24
තිර ව නො සිත කුණු කය මෙ තමායේ
නොතිර බවට විදුලිය උපමායේ
නිතර මෙ කය පවකට නො නමායේ
කරව කුසල් වීරිය නොපමායේ
අදහස:
මේ තමා ගේ කුණු වී යන ශරීරය ස්ථිර දෙයකැයි නො සිතන්න. (එහි) අස්ථිර භාවය පිළිබඳව උපමාවට සුදුසු වන්නේ විදුලියයි. (එ බැවින්) මේ ශරීරය පවකට නො යොදා ප්‍රමාද නො වී නිතරම පින් කිරීමට වීරිය කරන්න.

23
තැත කින් ගෙන දැමුවත් කැට නුබ කුස
අත රක නොරඳන මෙන් මේ බිම මිස
සිත සතොසින් පින් නො කළොත් නිසි ලෙස
නැත සිටිනා තැන් සතර අපා මිස
අදහස:
(ගල්) කැටයක් උත්සාහයකින් ඔසොවා ගෙන අහස් කුසට දැමුවත් එය මේ බිම මිස අතරතුරෙක රඳන්නේ නැත. එමෙන් සිතේ සතුටින් යෝග්‍ය විධියට පින් නො කළොත්, හතර අපායේ මිස ඉන්නට වෙන යහපත් තැනක් නො ලැබේමය.

Saturday, March 19, 2016
22
ඉස ගිනි ගත්තකු එ ගිනි නිවන ලෙස
කුසලට මඳකුත් පමා නොවනු මිස
මෙ සසර අත් හැර නො යන මෙ දුක් රැස
වෙසෙසින් නැත අත් හරිනා උපදෙස
අදහස:
හිස කෙස්වලට ගිනි ඇවුලුණු එකකු ඒ ගින්න නිවන්නට යම් සේ ඉක්මන් විය යුතු ද, එපරිද්දෙන්ම, පිනට ටිකක් වත් ප්‍රමාද නොවීම හැරෙන්නට, සසර අත් හැර නොයන මේ දුක් රැස අත් හැරීම පිණිස විශේෂයෙන් දිය හැකි වෙන උපදේශයක් නැත.
21
කන් නන් මෙන් විස අඹ පල රිස්සේ
මන් සන් තොස් කැර කිම පල සෙස්සේ
දැන් දැන් එයි මරුවා පසු පස්සේ
ඉන් පින් ම ය කටයුතු නම් දස්සේ
අදහස:
විෂ යෙදූ අඹ ගෙඩි කැමැත්තෙන් ම කන අය මෙන්, (පස් කම් රසින්) සිත් සන්තෝෂ කිරීමෙන් ඉතිරි වන පලයක් ඇද්ද? (නැත් මැ යි) මාරයා (මරණය) දැන් දැන් කොයි මොහොතේ හෝ පසු පස්සේ එයි. ඒ නිසා දක්ෂ ලෙස කළ යුතු වන්නේ පින් ම ය.

20
පස් පව් කොට මෙ තැනත් ලැබ සෝකය
ගොස් නිරයේ දුක් විඳිති අනේකය
රැස් කොට ඉන් පින් මෙමිනිස් ලෝකය
සිස් නො කරවු කලෙකින් ලත් මේ කය
අදහස:
පස් පව් කරමින් මේ ආත්මයේදී ද සෝක උපදවා, නැවත වරක් මිය ගොස් අපායේ වැටී නොයෙකුත් දුක් විඳිති. එ බැවින් මනුෂ්‍ය ලෝකයේදී පින් රැස් කොට, දීර්ඝ කාලයකට පසු ලැබූ මේ මනුෂ්‍ය ආත්මය හිස් එකක් නො කරවු.

19
කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකෙකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙ සසර දුක් දුර ලන්නේ
සුදනෙනි කිම වීරිය නො කරන්නේ
අදහස:
බුදු කෙනෙකුන් උපදින්නේ (දීර්ඝ) කාලාන්තරයක් ගත වූ විටය. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබ ගන්නේ (මහත් වූ) දුකකිනි. (බුද්ධෝත්පාදයත් මනුෂ්‍ය ආත්මභාවයත් යන) මේදෙක නැතිව සසර දුක් දුරු කළ නොහැකිය. (ඉතින්) සත්පුරුෂයිනි, ඊට උත්සාහ නොකරන්නේ ඇයි?

18
දිගු පුළුලින් සක්වළ වන් සිඳු කුස
සිය වසෙකින් උඩ එන කැස්බා හිස
විය සිදුරෙන් නැඟෙතත් දුගතිය බැස
තව උපදින්නට බැරි මෙ මිනිස් කුස
අදහස:
දිග පළලින් චක්‍රවාටය තරම් මහත් වූ සාගරය තුළ (සිට) අවුරුදු සියයකට වරක් උඩ එන (එක් ඇසක් අන්ධ වූ) කැස්බා ගේ හිස, (මූදේ පාවෙමින් තිබූ) විය ගසක සිදුරෙන් මතු විය හැකි වෙතත් මිනිස් කුසක ඉපදීම ඊටත් වඩා අපහසුය.

17
සැබැවින් බණ ඇසුවත් මුනිඳුන් කී
ගොළුවන් බිහිරන් සේ නොව සැලැකී
ඉඳිනෙන් මිස තොප කුසලින් වැළැකී
මෙලෙසින් පින් නො කළැකි කල් අටෙකී
අදහස:
ඇත්ත වශයෙන්ම බුදු රජාණන් වහන්සේ වදාළා වූ බණ ඇසුවත් තෙපි ගොළුවන් බීරන් මෙන් ඒ (බණ) ගැන නො සලකා පින් කිරීමෙන් වැළැකී ඉඳිනවා මිස, පින් නොකළ හැකි කාල ඇත්තේ (ඉහතින් දැක්වූ ලෙස) අටක් පමණයි. (මෙ කල පින් කළ හැකි වුවත් බණ අසා පින් නොකිරීම තොපගේම වරදයි.)

16
බුදු කෙනෙකුන් මේ ලොව නූපන් වර
අඳුරෙක් ම ය සදහම් නැති මෙ සසර
ඉඳුරා නො දැනෙයි පව් පින් තොරතුර
සිදු නො කළැකි ඉන් සග මොක් සිරිසර
අදහස:
බුදු කෙනෙකුන් මේ ලෝකයහි පහළ නොවූ (අබුද්ධෝත්පාද) කාළයේ ධර්මයක් නොපවතින බැවින්, මේ සංසාරය අන්ධකාරමය. පව් පින් දෙකේ විශේෂයක් එක එල්ලේ නොවැටහේ. ඒ නිසා (එවැනි කාලයෙක) දෙව් සැප හා නිවන් සැප සිදු කොට ගත හැකි නොවේ.

15
බළකොටු වන් තර මෙ සසර නුවරේ
මුලැසටු වන් දළු ලන පව් පඳුරේ
විසකටු වන් සග මොක් මඟ අතුරේ
මිසදිටු වන් අයටත් පින් නො පිරේ
අදහස:
මේ සංසාරය නමැති නගරයේ (දීර්ඝ කාලීන පැවැත්මට උපකාර වන) බළ කොටුවක් බඳු වූද පව් නමැති පඳුර දළු ලවන්නා වූ (හෙවත් පව් වැඩි කරන්නා වූ) ඇසටු මුලක් බඳු වූ ද දෙව් ලොවට හා නිවනට යන පාරේ අතරතුරක ඇති විස කටුවක් බඳු වූ ද මිථ්‍යාදෘෂ්ටිය ගත් අයටද පින් පිරෙන්නේ නැත.

Sunday, March 6, 2016
14
සිත මිස කය නැති බඹ ලොව සතරෙකි
සිත නැතිවම කය ඇති බඹ තලයෙකි
මෙද සත පින් කොට උපදින පෙදෙසෙකි
එහි උපනත් කුසලක් නොම කළ හැකි
අදහස:
සිත විනා ශරීරයක් නැති බ්‍රහ්ම ලෝක සතරක් ඇත. සිත නැති, එහෙත් ශරීරය පමණක් ඇති බ්‍රහ්ම ලෝකයක් ද ඇත. ඒ බ්‍රහ්ම ලෝකත් සත්ත්වයා පින් කොට උපදින තැන්ය. එහි ඉපදුණත් පිනක් කළ හැකි නොවේ.
13
දද මිනිසුන් බස් ගෙන කිසි කලෙකය
තද අකුසල් කොට කුසලින් වැළකය
අඳ ගොළු බිහිරි ව ලදුවත් මේ කය
මඳ පිනෙකුත් නො පිරෙයි බල නිසැකය
අදහස:
කිසි යම් කාලයෙක මෝඩ මිනිසුන් ගේ වචන අසා කුසල ක්‍රියා වලින් වැළැකී තද අකුසල් ම කොට අන්ධව හෝ ගොළුව හෝ බිහිරි ව හෝ මේ ශරීරය ලැබුවත් මඳක් වත් පිනක් නො සිදු වේ. බලව! සැක නැත.

12
පව් මිස පිනෙකැයි නොකරන හැම කල
මුනි බණ නොපවතිනා පිට සක්වල
නිසි ලෙස උපනත් ලැබ දන මනකල
කිසි කලෙකත් කුසලක් නොකළැකි බල
අදහස:
සියලු කල්හි පව් ම විනා පිනක් නොකරන, මුනිඳුගේ දහම නොපවතින පිටසක්වළෙහි සිතට ප්‍රිය උපදවන ධනය ලැබී නිසි විදියට ඉපදුණත් කිසි කලෙකත් පිනක් නම් නොකළ හැකිමය. බලව්!

11
උපනත් පේතව පව් කොට නොපණත්
කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණත්
උගුරත් නොතෙමෙයි සුර ගඟ වැටුණත්
මඳකුත් පින් නොකළැකි මැයි සිතුනත්
අදහස:
නීතියට (සම්මතයට) විරුද්ධ පාප කර්ම කොට ප්‍රේත ආත්මයක ඉපදුණ හොත් කිසි කලෙකත් සෙම්, සොටු පමණ වත් (ආහාර වශයෙන්)නොලැබේ. අහස් ගඟ වැටුණත් උගුරවත් නොතෙමේ.(පිනක් කරන්නට) සිතුණත් මඳක් වත් පිනක් නොකළ හැකිමය.
සුර ගඟ = ආකාශ ගංගාව - හිමාලයේ අනවතප්ත නම් විලෙන් පටන්ගෙන දකුණට ගලන ගඟකි. හිම දියවී පෙණ නඟමින් පහළට ගලා යන සුදු පැහැති ජලයෙන් යුත් බැවින් පැරැණියෝ එය "අහස් ගඟ" යැයි හැඳින්වූහ. එනම්, ඉන්දියාවේ ගංගා නම් ගඟේ උඩ කොටසයි.

Friday, March 4, 2016
10
තිරිසන් ජාතියෙ උපනත් පව් කොට
අවසන් නොව බිය පවතී පිට පිට
මඳසන් සුන් කමකුත් නැත හැම විට
සලසන්නේ කෙලෙසද සිතු පිනකට
අදහස:
පව් කොට තිරිසන් ජාතියෙක උපන්නොත් අවසානයක් නැතිව පිට පිට ම බිය පවතී. හැම කල්හිම මඳක් වත් සිතේ සැනසීමක් නැත. සිත පිනකට යොමුකරන්නේ කෙසේද?

9
සිතුවත් බිය කරවන අරතරයේ
වැටුණොත් එක් සිය සතිසක් නිරයේ
බලවත් දුක් විඳිනෙය කරදරයේ
මඳකුත් පිනකට නැත අවසරයේ
අදහස:
සිතූ පමණකින් දැඩි ලෙස බිය ඇති කරවන, එක් සිය තිස් හයක් අපායවල වැටුණොත් කරදරකාරී බලවත් දුක් විඳීමට සිදු වේ, පින් කිරීමට මඳක් වත් ඉඩක් නැති වේ.

8
සියල් සසර දුක් දුරුකර නොයෙකී
අසල් කරන මොක් සිරි සැප නිසැකී
සියල් සතුනි පින් කරවයි මුනි කී
නොකල් අටෙකි පින් කම් කළ නො හැකී
අදහස:
සියලු සත්ත්වයෙනි, බොහෝ වූ සියලු සසර දුක් දුරු කරන, නිසැකවම නිවන් සැප ළඟා කරන පින් කරන්නැයි මුනි තුමෝ කීහ (එහෙත්) පින් කම් කළ නොහැකි කාල අටක් වෙයි.

Subscribe to:
Posts (Atom)