Saturday, March 19, 2016

15

බළකොටු වන් තර මෙ සසර       නුවරේ
මුලැසටු වන් දළු ලන පව්         පඳුරේ
විසකටු වන් සග මොක් මඟ       අතුරේ
මිසදිටු වන් අයටත් පින් නො        පිරේ

අදහස:

මේ සංසාරය නමැති නගරයේ (දීර්ඝ කාලීන පැවැත්මට උපකාර වන) බළ කොටුවක් බඳු වූද පව් නමැති පඳුර දළු ලවන්නා වූ (හෙවත් පව් වැඩි කරන්නා වූ) ඇසටු මුලක් බඳු වූ ද දෙව් ලොවට හා නිවනට යන පාරේ අතරතුරක ඇති විස කටුවක් බඳු වූ ද මිථ්‍යාදෘෂ්ටිය ගත් අයටද පින් පිරෙන්නේ නැත.

No comments:

Post a Comment