Sunday, March 6, 2016

13

දද මිනිසුන් බස් ගෙන කිසි       කලෙකය
තද අකුසල් කොට කුසලින්       වැළකය
අඳ ගොළු බිහිරි ව ලදුවත් මේ       කය
මඳ පිනෙකුත් නො පිරෙයි බල    නිසැකය

අදහස:

කිසි යම් කාලයෙක මෝඩ මිනිසුන් ගේ වචන අසා කුසල ක්‍රියා වලින් වැළැකී තද අකුසල් ම කොට අන්ධව හෝ ගොළුව හෝ බිහිරි ව හෝ මේ ශරීරය ලැබුවත් මඳක් වත් පිනක් නො සිදු වේ. බලව! සැක නැත.

No comments:

Post a Comment