Sunday, March 6, 2016

14

සිත මිස කය නැති බඹ ලොව         සතරෙකි
සිත නැතිවම කය ඇති බඹ           තලයෙකි
මෙද සත පින් කොට උපදින        පෙදෙසෙකි
එහි උපනත් කුසලක් නොම කළ          හැකි

අදහස:

සිත විනා ශරීරයක් නැති බ්‍රහ්ම ලෝක සතරක් ඇත. සිත නැති, එහෙත් ශරීරය පමණක් ඇති බ්‍රහ්ම ලෝකයක් ද ඇත. ඒ බ්‍රහ්ම ලෝකත් සත්ත්වයා පින් කොට උපදින තැන්ය. එහි ඉපදුණත් පිනක් කළ හැකි නොවේ.

No comments:

Post a Comment