Sunday, March 6, 2016

11

උපනත් පේතව පව් කොට       නොපණත්
කලෙකත් නොලැබෙයි සෙම් සොටු  පමණත්
උගුරත් නොතෙමෙයි සුර ගඟ     වැටුණත්
මඳකුත් පින් නොකළැකි මැයි      සිතුනත්

අදහස:

නීතියට (සම්මතයට) විරුද්ධ පාප කර්ම කොට ප්‍රේත  ආත්මයක ඉපදුණ හොත් කිසි කලෙකත් සෙම්, සොටු පමණ වත් (ආහාර වශයෙන්)නොලැබේ. අහස් ගඟ වැටුණත් උගුරවත් නොතෙමේ.(පිනක් කරන්නට) සිතුණත් මඳක් වත් පිනක් නොකළ හැකිමය.

සුර ගඟ = ආකාශ ගංගාව - හිමාලයේ අනවතප්ත නම් විලෙන් පටන්ගෙන දකුණට ගලන ගඟකි. හිම දියවී පෙණ නඟමින් පහළට ගලා යන සුදු පැහැති ජලයෙන් යුත් බැවින් පැරැණියෝ එය "අහස් ගඟ" යැයි හැඳින්වූහ. එනම්, ඉන්දියාවේ ගංගා නම් ගඟේ උඩ කොටසයි.

No comments:

Post a Comment