මනරම් නරදම් සැරිදම් සඟනට
මෙලෙසින් බැතියෙන් අදරින් නම කොට
වෙසෙසින් පෙළ දම් නොම දත් දන හට
පවසම් කළ කම් පල දැන් හෙළු කොට
අදහස:
සිත් පිනවන නරදම් සැරි වූ (පුරුෂ දම්ම සාරථි) බුදුන් වහන්සේට ද,ධර්මයට ද, සංංඝයාට ද,ඉහතින් දැක්වූ ලෙස භක්තියෙන් ද ආදරයෙන් ද, නමස්කාර කොට, විශේෂයෙන් ම පාලි භාෂාවෙන් ඇති ධර්මය නොතේරෙන ජනයාට, කළා වූ කුශලාකුශල කර්මයන් සඳහා ලැබෙන පල විපාක දැන් සිංහල භාෂාවෙන් කියමි.
No comments:
Post a Comment