දහමට සරි කොට එළුවෙන් පෙර කී
කවියට සිත පහදා සිට නිසැකී
සිහිකොට කඳ පිළිවෙළ දොස් නොයෙකී
නිවනට සපැමිණි සඟ සැට නමෙකී
අදහස :
අතීතයේ ධර්මයෙහි දක්වා ඇති පිළිවෙළ අනුව සිංහලයෙන් තනා කියන ලද කවියකට සිත පැහැදී සැක නැතිවම කඳ පිළිවෙළෙහි ඇති බොහෝ දෝෂ සිහි කොට, නිවනට පැමිණි සංඝයා වහන්සේලා හැට නමකි.
(එක් කලෙක ශ්‍රී ලංකාවේ ඇල් ගෙවිලියන් පිරිසක් විසින් කියන ලද ධර්මය ඇතුළත් කවියක් අසා ඒ අසලින් වැඩි සංඝයාවහන්සේලා සැට නමක් රහත් වූ බව කියවේ.)
කඳ පිළිවෙළ = ස්කන්ධ පරිපාටිය, සත්වයා නිමවී ඇති රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, යන ස්කන්ධ පරිපාටිය.
No comments:
Post a Comment