එබැවින් එළුවෙන් කීවයි අනදර
නොවමින් බැතියෙන් අදරින් නම කර
සතොසින් ඇසුවොත් මෙ දහම් මනහර
සැබැවින් සිදුවෙයි සග මොක් සිරිසර
අදහස:
එබැවින් සිංහල භාෂාවෙන් කීවාය කියා අගෞරවයක් නොසිතා භක්තියෙන් යුක්තව සිතට ප්‍රිය වන මේ ධර්මය ඇසුවොත් දෙව්ලොව සැපද නිවන් සැපද සැබැවින්ම ලැබේ.
No comments:
Post a Comment