Sunday, February 21, 2016
වීදාමෛත්රීය මෝ!
කෝට්ටේ රාජධානි සමයේ වීදාගම මහ විහාරාධිපති ව වැඩ විසූ මෛත්‍රේය මහ තෙරුන් වහන්සේ 6 වැනි සිරි පැරකුම්බා (ක්‍රි.ව 1412-1467)සහ 6 වැනි බුවනෙකබා (ක්‍රි.ව 1467-1476) යන රජවරුන් දෙදෙනා ගේම රාජ්‍ය කාල තුල ජීවත් ව කටයුතු කල බවට සාක්ෂි ලැබේ. විශේෂයෙන් ම සිරි පැරකුම්බා රජුගේ අභාවයෙන් පසු උදා වු 6 වැනි බුවනෙකබා රජුගේ රාජ්‍ය කාලය තුළ උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ශාසනික කටයුතුවල ප්‍රධානත්වය ගෙන කටයුතු කළේය. ත්‍රිපිටක ධර්මයේ විශාරදත්වයට පැමිණ සිටි විචිත්‍ර ධර්ම කථිකයකු වූ උන්වහන්සේ යාපනය ප්‍රදේශයේ පැවැත්වූ ධර්ම දේශනාවක් අසා බුවනෙකබා රජු ඉතා පැහැදී කළපූජාවක් පිළිබඳ ව විස්තර සෙල් ලිපියක සඳහන් වේ.උන්වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව, බුදුගුණාලංකාරය යන කවි පොත් දෙක සිංහල බෞද්ධ සමාජයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් ව ඇත. උන්වහන්සේ විසින් ම එලු අත්තනගලු වංශයක් ද ලියැවිණි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment